ඇවිදිනවා. ඇවිදිනවා. ඇවිදිනවා.
ඉවරයකුත් නැහැනෙ
මචන් මේ රස්තියාදුවේ
හවසත් වෙලා
කවුරුත් නැහැ බලන් ඉන්න
උඹලට වගේ මන් එනකන්
දොරකඩ උඩ
උඹලටනම් එහෙමද
අම්ම, තාත්ත, අඹු සැමි දරු මල්ලො
බංකුව උඩ වාඩි උනා
වැව අයිනේ පාර අයිනෙ
හැම කෙනෙකුම හතරවටේ
දුවන එකේ කෙළවරකුත් නැතුව දුවනවා
මම විතරක්
මේ බංකුවෙ
සිසිල මකනවා
වැව්
තලේ හස නගන දිය රැළි
ගෙනේ
නිරතුරු සිනහ කඳුලැලි
(ඇසුනත් නෑසෙන - ගුණදාස කපුගේ)
කවද හරි
හිතල බලයි
මේ බංකුවෙ
වාඩිවෙලා
මම වගේම
‘කොහේ ඉඳන් කොහේටද?’
දුවල තියෙන්නෙ
එකම දුරක්
වෙනස් වෙනස් විදිහට
ඇරඹුම එකමයි
අවසානයත් එකමයි
හැමෝම
එදාට තේරෙයි
කල් යයි
කාටවත් නැතිද වෙනසක්
උවමනාවක්
නැවතිල ඉන්න
තිබුන බෝසතුණ්ට
රහතුන්ට
සඟුන්ට
ඔව් හොයා ගත්ත
දුවන්න පැත්තක්
නැහැනෙ මට බාධාවක්
උඹලට වගේ
අද ඉඳන්
ඔව් අද ඉඳන්
නවතින්නෙ නැතුවම
දුවනවා දුවනවා
නවතින්න.
No comments:
Post a Comment