Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

2016/06/24

දුවමු දුවමු නවතින්න


ඇවිදිනවා. ඇවිදිනවා. ඇවිදිනවා.
ඉවරයකුත් නැහැනෙ
මචන් මේ රස්තියාදුවේ
හවසත් වෙලා

කවුරුත් නැහැ බලන් ඉන්න
උඹලට වගේ මන් එනකන්
දොරකඩ උඩ
උඹලටනම් එහෙමද
අම්ම, තාත්ත, අඹු සැමි දරු මල්ලො

බංකුව උඩ වාඩි උනා
වැව අයිනේ පාර අයිනෙ
හැම කෙනෙකුම හතරවටේ
දුවන එකේ කෙළවරකුත් නැතුව දුවනවා
මම විතරක්
මේ බංකුවෙ
සිසිල මකනවා

වැව් තලේ හස නගන දිය රැළි
ගෙනේ නිරතුරු සිනහ කඳුලැලි

(ඇසුනත් නෑසෙන - ගුණදාස කපුගේ)

කවද හරි  හිතල බලයි
මේ බංකුවෙ
වාඩිවෙලා
මම වගේම

‘කොහේ ඉඳන් කොහේටද?’

දුවල තියෙන්නෙ
එකම දුරක්
වෙනස් වෙනස් විදිහට
ඇරඹුම එකමයි
අවසානයත් එකමයි
හැමෝම

එදාට තේරෙයි
කල් යයි
කාටවත් නැතිද වෙනසක්
උවමනාවක්
නැවතිල ඉන්න

තිබුන බෝසතුණ්ට
රහතුන්ට
සඟුන්ට

ඔව් හොයා ගත්ත
දුවන්න පැත්තක්
නැහැනෙ මට බාධාවක්
උඹලට වගේ

අද ඉඳන්
ඔව් අද ඉඳන්
නවතින්නෙ නැතුවම
දුවනවා දුවනවා

නවතින්න.

2016/06/21

වෙහෙසුනු සිත


මූණක් කියල දෙයක් මටත් තිබ්බ තමයි.
මම ඒත් ඒකෙන්
ඇඬුවෙ නෑ
හිනාවුනෙ නෑ
කතා කරේ නෑ

අත් කියල දෙකක්ම මටත් තිබ්බ තමයි.
ඒත් ඒවයින් මම
වැඩ කරේ නෑ
ගහගත්තෙ නෑ
දන්දුන්නෙ නෑ

කකුල් කියල දෙකකුත් මට තිබුන
මම ඒවයින්
උඩ පැන්නෙ නැහැ
ඇවිද්දෙ නැහැ
දිව්වෙ නැහැ

හිතක් කියල දෙයක් මට තිබ්බ
මම අර සේරම කරේ ඒකෙන් නිසා
මගෙ හිත ගොඩක්ම මහන්සි උන
දැන් හිත මහළු වෙල
ඒත් මම තාම තරුණයි
නියමුවා
නියමුවාගේ |සිත | ප්‍රබන්ධ | උපදෙස් | කවි | ගවේෂණ