ඒ කාලෙ පරණ ගීත, අලුත් ගීත, විරහ ගීත, ආදර ගීත ඕන
තරම් අහල තිබුණ. ඒත් ඒ හැමදේම මට නිකන් වචන ගොඩක්, සද්ද ගොඩක් මිශ්‍ර කරපු අච්චාරු
ගොඩක් වගේ. කාලය ටිකෙන් ටික ගෙවුණ. ආදරය කරන්න පටන් ගත්ත. එතකොට දැණුන ආදර ගීත වල
ඒ මිහිරි චමත්කාරජනක අර්ථය. අහල එපා උණ ආදර ගීත නැවත නැවත හොය හොය ඇහුව. එපා උනෙ
නැහැ. ශබ්ද රසයට වඩා අර්ථ රසය කොච්චර වටිනවද කියල තේරුණ. කාලය ගෙවුණ. විරහ වේදනා
වින්ද. ඒ කාලෙ දැණුන විරහ ගීත වල හංගපු දුක. පුදුමාකරයි. නැතිවීම වෙනස්වීම කියන
සත්‍ය ධර්මයන් දැනගත්ත. හිත ධර්මයට නැඹුරු උන. ධාර්මික ගීත වලට නැඹුරු උන. හැම
ගීතයකම අර්ථ රසය විඳින්න පුරුදු උන.
මා
හඬවලා
හදවත
සලා
පෙරදාක
දෙනුවන් රතුවෙලා
ලොතරැයි කූඩුවේ යකඩ කට බෙරිහන් දෙනව. මා හඬවලා...
හදවත සලා.. ඇත්තටම එහෙම වෙනවද? හදවත කියන්නෙ හැඟීම් වලට සංවේදී වෙන ඉනිද්‍රියක්.
කෙනෙක්ට අඬන්න බැරිනම් හිනාවෙන්න බැරිනම් දුක හිතෙන්නෙ නැතිනම් සතුටු හිතෙන්නෙ
නැතිනම් ආදරේ දැනෙන්නෙ නැතිනම් එයාව හඳුන්වන්නෙ හදවතක් නැති මිනිහෙක් විදිහට. ඒ
කියන්නෙ හදවත සංවේදී ඉන්ද්‍රියක් බවට පත් කර ගත්තෙ නැති මිනිහෙක් විදිහට.
ආගන්තුකයෙක් අපේ ජීවිතේට ආවහම අපේ හදවත ආදරය කියන දේට සංවේදී වෙනව. ඒ ආදරේ නැති
උනහම අපේ හදවත දුකට සංවේදී වෙනව. මනසෙන් හැමදේම වටහ ගත්තහම අපේ හදවත ධර්මයට සංවේදී
වෙනව. එතනදි තමයි අපිට සම්පූර්ණම හදවත ලැබෙන්නෙ. දුක, සතුට වගේ හැමදෙයක්ම විඳින්න
හැකියාව ලැබෙනව. නැත්නම් ආදරයක් නැති උනහම මිනිහෙකුගේ හදවත නැති වෙන්නෙ නැහැ.
සම්පූර්ණ හදවතම ලැබෙන්නෙ ඒ වෙලාවටයි. තමන් ආදරේ කරන කෙනා දාල යයිද කියන බය නැතුව
නිදහසේ ආදරේ කරන්න පුළුවන් වෙන්නෙ ඒ වෙලාවටයි. මොකද දාල ගියත් හිත හදාගන්න හයිය
තියෙනව කියන විශ්වාසය අපි ළඟ අපි ගැන විශ්වාසය තියෙනව. ඒකටයි නිදහස් ආදරය කියන්නෙ.
ගොඩක් අය හිතන් ඉන්නෙ ආදරේ කරල ඒ ආදරේ නැති උනහම ජීවිතේම අඬ අඬ ඉන්න වෙයි කියල.
එහෙම හිතල ගොඩක් අය ආදරේ කරන්න බයයි. එයාල හිතන් ඉන්නෙ එහෙම ගොඩක් නිදහස් කියල. ඒක
ගොඩක්ම වැරදියි මට හිතෙන්නෙ. ආදරය කරන්න. විරහව විඳින්න. එතකොටයි හදවතට දැනෙන්න
පටන් ගන්නෙ නියම නිදහස. නිදහස විඳින්න පුළුවන් කාලෙ හදවතක් එක්ක නිදහස විඳින්න.
හැඟීමෙන් නිදහස විඳින්න.
No comments:
Post a Comment