ගොන්
බැඳි කරත්තය ටොක් ටොක් හඬ දිදී ඉදිරියටම ඇදෙයි. කෙනෙකු නිදිය. කෙනෙකු බාගෙට නිදිය.
තවත් අයෙක් නිදි කිරා වැටෙයි. තව ටිකක් වමට... හෝ හෝ ආයෙත් කෙලින්.... තව පොඩ්ඩක් දකුනට...
ආයෙත් කෙලින් යන ආකාරයෙන් ඔහු අවසන් රාත්තලටම කිරයි. කෙනෙකු මා මෙන් ඉමක් කොනක්
නැති කල්පනාවකය. ජහ්.. ජහ්... ටොක්.. එක වටයයි. ටොක්.. වට දෙකයි. හැමදාම හැමතැන
දුවන සිත කරත්ත රෝදයේ කේන්ද්‍රය වටා දුවන්නට පටන් ගත්තේය. එයද එක්තරා සැනසීමකි.
මන්ද සිත දුවන්නේ එක තැනක් වටාය. තැන තැන නොවේ. ටොක් ටොක් ටොක්...
සකිය
සගවුවට රෝදය කැරකෙනවා
සසඳ
සසඳ අපි මහපාරේ යනවා
දත්
විලිස්සා මෙන් හිනා වෙන රූස්ස ගස් මගීන් හා කරත්තකරු පසු කර යයි. ඒ අතර පැළවුණු හැඬූ
කඳුලෙන් බිම බලා සිටින පොඩි පොඩි පැළෑටීන් හැමදාම පොඩියටම දිස් විය. ඔවුනට ලැබෙන
හිරු එළිය සලාකය රූස්ස ගස් විසින් පෙනි පෙනීම භුක්ති විඳ තව තව ඉහළට යනු දකින
ඔවුන්ගේ හිත සනසවන්නට සිටියේ කුඩාම කුඩා මද සුළඟක්ම පමණි. එම සුළඟද බොහෝ දෙනෙක්
භුක්ති විඳ තමන්ට ද භුක්ති විඳින ලෙස එවූ දෙයක් යැයි දැනගත් කුඩා පැළෑටිහු තමන්
වැනි තවත් කෙනෙකුටද එය ඒ අයුරින්ම ලබා දීමට තම සිත අකමැත්තෙන් වුවද කැමති කර
ගනියි. හැමදාම සැප රූස්ස ගස් වලට පමණි. ඉහළ අහසට සවන් යොමු කර බලන්න. එම නොඉඳුල්
සුළඟෙන්ද හිරු එළියෙන්ද තවමත් සෑහීමකට පත් නොවෙන ඔවුන් තව තවත් උද්ගෝෂණ කරනු
ඇසෙයි. පහළ බලන්න. පීඩිත පැළෑටීන් කිසිඳු ශබ්දයක් නොනඟයි. නමුත් ඔවුන්ගේ ශරීර වලද
තවමත් ජීවය රැඳී තිබේ.
කෙසේ
වෙතත් රූස්ස ගස්, කුඩා පැළෑටි මේ සියලු දෙනාගේම දරුවන් වැනි ඵල බිමට වැටී නැවතත්
වර්ධනය වීම අරඹන්නේද පොළවෙනි. මව් පියන්ගේ ආභාෂය නිසා ඔවුන් සමහරෙක් රූස්ස ගස්
වෙයි. සමහරෙක් කුඩා පැළෑටි වෙයි. පුදුමයක මහත. ඔවුන් මිය යන්නේද එකම පොළවේය. ඉතින්
කුඩා පැළෑටි කෑ මොර දෙන්නේ මන්ද. ඔවුන් අවසානය දැන සිටියි. ඔවුන් එම නිසා
නිශ්ශබ්දව සිටියි.
වෙන
ඕන දෙයක් වෙච්චාදෙන්
අහස
කඩා ගෙන වැටුනාදෙන්
ගණන්
ගන්න එපා ඕව සුළු දේවල්
හිනාවෙලා
අපි ඔහේ ඉමු
එක්
වරම කරත්තය උඩ ගියේය. උඩ ගියාට වඩා වේගයෙන් පහළ වැටෙයි. හැමදාමත් එසේම වෙයි. ඒ
තිබෙන්නේ අප නිවස අසල වියළුණු මඩ ගොහොරුවය. කරත්ත කරුවන්ට කෙසේ වෙතත් එය මා හටනම් ඉතා
අගනා සම්පතකි. මන්ද මා නිවසට ළඟාවෙන විට නින්දගොස් ඇත්නම් එය ක්ෂණිකව මා හට පිහිටට
ඇවිත් මා නින්දෙන් අවදි කරවයි. එම නිසා එම මඩ වල මා දේවත්වයෙන් අදහයි. මා එය එසේ
ඇදහූ පමණින්ම කරත්තකරු එසේ එය අදහන්නේ යැයි සිතීම දෙවියන්ගෙන් මරණීය දණ්ඩනය පවා
ලැබිය හැකි බරපතල වරදකි. මන්ද ඔහු එවිට කියන වචන දෙවියන් ඇදහීමටනම් කිසිසේත්ම
සුදුසු නොවෙයි. කෙනෙකු තවත් කෙනෙකුගේ දෙවියන් වූවා කියා හැම කෙනෙකුගේම දෙවියන්
නොවේ. මෙලොව හිරු අදහන මිනිසුන්, සඳු අදහන මිනිසුන්, ගස් අදහන මිනිසුන් වැනි
ඇදහිලි ඕනෑ තරම් ඕනෑවටත් වඩා ඇත. උදාහරණයක් ලෙස මම මඩවලවල් දෙවියන් ලෙස අදහන්නෙක්
වෙමි. මේ ගමේම සිටින කරත්තකරුවන් මඩවලවල් යක්ෂයන් සේ අදහන්නන්ය. කෙසේ වෙතත් ඉක්මනටම
කරත්තයෙන් පැන්න මම හනි හනිකට ගියේ මාගේ දේවස්ථානයටය. එනම් මාගේ නිවසටය.
නිවසට
ආ විගසම ජලය බිඳක්වත් ඇඟේ ගානොගෙන වැටුනේ ඇඳටය. අද දින ඇද වැටීම සාමාන්‍යයෙන් බරපතල
නිසාදෝ මුළු ඔලුවම ගැස්සුනි. නින්දක් අහලකවත් නැත. මා සනසවන්නට ඔවුන් පැමිණියාය. වහලේ
පොල්අතු අතරින් මතුව රටා වියා ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්වන මකුණියන්, මිහිරි හඬින්
ගීත ගායනා කර සවනට ලංව “කොහොමද මගේ ගීතය?” ලස්සනදැයි අසන මැදිරියන්, මා හා හවුලේ
සියල්ල බෙදා ගන්නට පැමිණෙන මාගේ බැළලිය යනු මාගේ ළඳුන්ය. මාගේ අන්තඃපුරයය. ඒ
අතරින් මාගේ අගබිසව වන්නේ මාගේ බැළලියයි. මා වැඩිපුරම ආදරය සෙනෙහස දක්වන්නේ ඇයටය. මන්ද
මා ඇයට බැන්නද ඇයව අගය කළද ඇය මට වෙනසක් නොපෙන්වා සෑම විටම ඤාව් කියා මාගේ ලඟින්ම
සිටින නිසාය. ඇයට මම සත්‍ය වශයෙන්ම ආදරය කරමි.
පොල්
අතු අස්සෙන් ඉර එළිය සුදු පාටට ඇඳ උඩට වැටෙන දිහා මද වේලාවක් බලා උන්නෙමි. ඇස් දෙක
නීලංකාර වී ඇත. ආලෝකයක් දෙස බලා එක් වරම අඳුරට පැමිණි විට එය ඕනෑම අවස්ථාවක සිදු
වෙයි. යලිත් අඳුරට හුරු වීමට මද කාලයක් ගත වෙයි. එයද ලෝක ධර්මයකි. ඒ අතර මාගේ නෙත්
දෙක අඩවන් උනි.
මම
මෙම පැල්පතේ ඉපදීමට වාසනා කර ඇත්තෙක්මි. වෙන අයට මෙන් නොව මා හට පරිසරය සෑම දෙයක්ම
කියා දෙයි. එම නිසා මම පරිසරයට ආදරය කරමි. පරිසරයට ඇහුම් කන් දෙයි. පරිසරයේ වෙන
සියුම් වෙනස්කමක් ගැන වුවද විශාල ලෙස සිතයි. එම නිසා පරිසරය මට තව තවත් දේවල් කියා
දෙයි.