2016/06/27

ආලය හැර දා ගියාට කරන්නෙපා මේ විදිහට (video)


        මට මතක් වෙනව එක දවසක් එක්තරා මහාචාර්ය වරයෙක් අපේ පාසලට ඇවිත් පවත්වපු කතාවක්. ඒ කතාව සාරාංශය තමයි මුහුදෙ ඉන්නෙ එක මාළුවද කියන ප්‍රශ්නය. ඒ මහාචාර්ය තුමාට පස්සෙ පොඩි පොඩි තුන්ඩු කෑලි වල ලස්සන ලස්සන උත්තර ලැබුණ අපේ පාසලේ රෝමියෝලගෙනුයි ජුලියට්ලගෙනුයි. ඒ අතරින් ටිකක් විතර මට මතකයි.
“මුහුදෙ මාළුවන් කොච්චර හිටියත් මුහුදෙ මාළු අල්ලන්න යන්නෙ මම විතරද?”
“ඒත් කළුවර අහසට පායන්නෙ එක පුන්සඳක් නේද?”
        මහාචාර්ය තුමා ඇත්ත වෙන්නත් පුළුවන්. ළමයි ඇත්ත වෙන්නත් පුළුවන්. මමනම් හිතන්නෙ මුහුදෙ මාළුවත් පුන්සඳක්වත් ප්‍රාර්ථනා කරන්නෙ නැතුව තනියම ඉන්න එක ගොඩක් හොඳයි. මොකද දෙයක් හිමි උනොත් අනිවාරෙන්ම කවද හරි ඒ දේ අහිමි වෙනව. ඒ ධර්මය කාටවත් වෙනස් කරන්න බැහැ. ඒත් අපේ සංස්කෘතියත් එක්ක තනියම ඉන්නනම් ගොඩක් අමාරුයි.

ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන් වූ ප්‍රේමයක්
(ගායනා කළේ සුනිල් එදිරිසිංහ)

        මම මේක ලියන්න ගත්තෙ ළඟදි මම දැකපු අරාබි ජාතික ගෑණු ළමයෙක් කරන වැඩක් නිසා. ඒ ගෑණු ළමයට තිබුන පොඩ්ඩක් තව හිතන්න. එයාට ඔය තරමටම ආදරේ නැති උනහම වාවන්න බැහැ වගේම තවත් ඒ වගේම කෙනෙක්ව එයාට හම්බුනනම් කොච්චර ඒ බැඳීම ස්ථිර වෙනවද. අද කාලෙ පිරිමි ළමයි ඕන තරම් ගෑණු ළමය දාල ගියහම අත් කපා ගන්නව, පැනඩෝල් බොනව වගේ දේවල් කරනව. සමහරු මැරෙනව. එච්චර අවංකව ආදරේ කරන අය ඉන්න ලෝකෙක තමන්ව දාල ගිහින් ගාණක්වත් නැතිව ඉන්න කෙනෙක් නිසා තමන්ට විපතක් කර ගන්න එක විතරක් නෙවෙයි එයා ගැන හිතන්න කාලය වෙන් කරන එකත් ගොඩක්ම ලොකු මෝඩ කමක්. තමන් වටිනාකමක් දෙන්න ඕනෙ තමන්ට වටිනාකකමක් දෙන කෙනෙකුට විතරයි.



අහසක් තරමට කඳුළු සැලූවත්
රිදුනේ ඔහුට නොවේනම්
අහසක් තරමක සෙනෙහස ගැන ඔබ
කුමටද බැඳ අහසට ඉනිමං
(ගායනා කළේ සනත් නන්දසිරි)


        ගොඩක් පිරිමි ළමයි ඒ ගෑණු ළමයට බැනල තිබුන. ඒත් ඒ ගෑණු ළමය එහෙම කරේ මෝඩ කමකට නෙවෙයි. ඒ වෙලාවෙ එයා හිටපු තත්වෙට එයාට මොනවත් හිතාගන්න බැරි උන නිසා. පිරිමි ළමයෙක්ටනම් බාර් ගානෙ ගිහින් බීල නැත්තම් පිරිමි ළමයි සෙට් එකත් එක්ක රස්තියාදු ගහල හැම දෙයක්ම අමතක කරන්න පුළුවන්. ඒත් ගෑණු ලමයින්ට එහෙම නෙවෙයි. එයාලට එහෙම නිදහසක් නැහැ. මෙහෙම දෙයක් කාට හරි උනහම බනින්න එපා කවුරුවත්ම. මොකද එක එක්කෙනාගෙ සංවේදීතාවයන් ගොඩක් වෙනස්.

No comments:

නියමුවා
නියමුවාගේ |සිත | ප්‍රබන්ධ | උපදෙස් | කවි | ගවේෂණ